Search

ජනප්‍රිය රංගන ශිල්පියෙකුට මෙල්බන් ගුවන්තොටුපලේදී කරදරයක්

මෙල්බන් ගුවන් තොටුපලේදී සිදු වූ විශේෂ සෝදිසි කිරීමක් හේතුවෙන් තමා දැඩි අපහසුතාවට පත්වූ බවට ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය විකට රංගන ශිල්පී එරික් ඇන්ඩ්‍රේ පවසනවා.

පසුගිය දිනක සිදු වූ ගුවන් ගමනකින් පසු තමා සාමාන්‍ය මගීන් පෙළකින් ඉවත් කර ආරක්ෂක අංශ විසින් නිල සුනඛයින්ගේ පරික්ෂාවන්ට ද තමා ලක් කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ කරන ලද වීඩියෝවක් මගින් ඇන්ඩ්‍රේ කියා සිටියේ තමා පැය 25 ක් නිව්යෝර්ක් සිට ලොස් ඇන්ජලීස් දක්වාත්, මෙල්බර්න් සිට බ්‍රිස්බේන් දක්වාත් වෘත්තිමය කටයුතු සඳහා ගුවන් යානාවල ගමන් කර තෙහෙට්ටුවෙන් පසු වූ බවයි.

මෙල්බර්න් ගුවන් තොටුපළේදී තමා සාමාන්‍ය මගීන් පෙළකින් ඉවත් කර විශේෂ පේළියකට දමා නිල සුනඛයෙකු යොදවා සෝදිසි කළ බවට ඔහු චෝදනා කරනවා.

ඔහු මෙය හඳුන්වා දී ඇත්තේ වාර්ගික සිදුවීමක් ලෙසට වන අතර එබැවින් මෙල්බන් හරහා ගමන් කරන සියලුම ජාතීන්වල ආදිවාසීන් සඳහා පණිවිඩයක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

විකට රංගන ශිල්පියා පැවසුවේ මෙම සිද්ධියේදී තමාට වෙනස් කොට සැලකීම පිළිබඳ නීතීඥයෙකු සම්බන්ධ කර ගනිමින් නීති උඅපදෙස් ලබා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.

ගුවන් තොටුපළේ ආරක්ෂක අංශ විසින් අමතර පරීක්ෂාවන් සඳහා පසෙකට ගත් මගීන්ගෙන් කොපමණ ප්‍රමාණයක් වෙනස් වර්ණයෙන් යුත් අයද යන්න පිළිබඳව තොරතුරු සොයන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »