Search

මෙල්බන් ජනප්‍රිය ක්‍රීඩා සමාජයකට ඩොලර් 60000ක් ගෙවන්න වෙයි

මෙල්බන්හි ජනප්‍රිය ක්‍රීඩා සමාජයක් වන ෆිට්ස්රෝයි වික්ටෝරියා බෝලින් ඇන්ඩ් ස්පෝර්ට්ස් ක්ලබ් (Fitzroy Victoria Bowling & Sports Club) සඳහා නාගරික කවුන්සිලය විසින් වාර්ෂික කුලිය ලෙස ඩොලර් 60000ක් දක්වා ගෙවීම් ගාස්තු ඉහළ දමා ඇතැයි වාර්තා වනවා.

ක්‍රීඩා සමාජය සහ යාරා නගර සභාව සමග පැවති වසර 21ක ගිවිසුම කල්පිරීමත් සමග නව ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදි නව කුලී ගාස්තු ඩොලර් 100 සිට ඩොලර් 60000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබුණ ද ක්‍රීඩා සමාජ උප සභාපති රොඩ්නි ඩ්‍රැපර් සඳහන් කළේ කිසිවිටෙකත් ක්‍රිඩා සමාජය වසා දැමීමක් සිදු නොවන බවයි.

Fitzroy Victoria Bowling & Sports Club හි වැඩ කටයුතු ඉදිරියටත් එළෙසම කරගෙන යෑමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

නව කුලී ගාස්තු සම්බන්ධයෙන් Yarra නගර සභාව සමග යළි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන්.

මෙය මෙල්බන්හි පැරණිතම Sports Club එකක් වන අතර ඩොලර් 60000ක මුදල සොයා ගැනීමට කෙසේ හෝ කටයුතු කරන බව රොඩ්නි ඩ්‍රැපර් ප්‍රකාශ කළා.

ඒ අනුව අරමුදල් ලැබෙන ක්‍රමවේද යළි ප්‍රතිසංවිධානය කළයුතු අතර මිල ගණන් ක්‍රමයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත්ව ඇති බවයි පැවසෙන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »