දීර්ඝ කාලයක් පුරා අතිශයින් සාර්ථකව ක්‍රියාත්මක වූ මෙල්බන් අවට සිල්ලර සාප්පු සංකීර්ණ කිහිපයක ව්‍යාපාර හිමිකරුවන් ගැටලුවකට මුහුණදී තිබෙනවා.
ඔවුන් පවසන්නේ කුලී ගාස්තු අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ව්‍යාපාර වසා දැමීමේ අවදානමක් මතුවී ඇති බවයි.
මෙල්බර්න්හි ඕක්ලී (Oakleigh) ප්‍රදේශයේ සහ අවට මාර්ගවල ව්‍යාපාරවල හිමිකරුවන් විශේෂයෙන් මෙම ගැටලුවට මුහුණපා තිබෙනවා.
ප්‍රදේශවාසීන් මෙන්ම වෙළඳුන් පවසන්නේ 1975 වසරේ සිට මේ දක්වා මේ ආකාරයෙන් භාණ්ඩ මිල සහ කුලී ගාස්තු ඉහළ යාමක් දැක නොමැති අතර ව්‍යාපාරවලට එය දරාගත නොහැකි බවයි.
කුලී ගාස්තු වැඩිවීම පමණක් නොව මහා පරිමාණ සාප්පු මධ්‍යස්ථාන සහ කර්මාන්තශාලා අලෙවිසැල්වල දිනෙන් දින වර්ධනය වීම ද සම්ප්‍රදායික කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට ගැටළුවක් වී තිබෙනවා.
ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ කුලී පිරිවැය ඉහළ යාම විශාලතම ගැටළුවක් වන අතර ගොඩනැගිලි හිමියන් ඉහළ අගයන්වලින් කුලී ඉහළ නංවන බවයි.
මෙවැනි තත්වයක් මත ඉදිරියේදී තම ව්‍යාපාර වසා දැමීමට සිදු වනු ඇති බවටයි ව්‍යාපාරිකයන් අනතුරු අඟවන්නේ.