දීර්ඝකාලීන කොවිඩ් රෝගී තත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 10ක් අහිමි වන බව නවතම අධ්‍යනයකදී අනාවරණය වී තිබෙනවා.
වෛද්‍ය සඟරාවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව පෙනී ගොස් ඇත්තේ 2022 වසර තුළ පමණක් දිර්ඝකාලීන කොවිඩ් රෝගීන් හේතුවෙන් වැඩ කරන පැය මිලියන 10 ක් පමණ ආර්ථිකයට අහිමි වි ඇති බවයි.
මෙම අධ්‍යනය සදහා මෙල්බර්න් විශ්ව විද්‍යාලය සහ නිව් සවුත් වේල්ස් ඇතුලු විශ්වවිද්‍යාලය 3ක විද්‍යාඥයින් පිරිසක් එක්ව තිබෙනවා.
එහිදී හඳුනාගෙන ඇති දීර්ඝ කාලීන කොවිඩ් රෝග ලක්ෂණ අතරට හුස්ම ගැනීමේ අපහසුව, අධික කැස්ස, තෙහෙට්ටුව සහ නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ ඇතුලත්.
මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Tom Kompas සඳහන් කළේ දිගුකාලින කොවිඩ් තත්වයෙන් පෙලුණු වයස අවුරුදු 30 ත් 49ත් අතර කම්කරුවන් මෙරට ආර්ථිකයට වඩාත් බලපෑම් කළ බවයි.
එම වයස් කාණ්ඩයේ ශ්‍රම බලකායෙන් අහිමි වූ මුලු ශ්‍රම ඵලදායිතාව සියයට 50 ඉක්මවා ඇති අතර වැඩ කරන පැය මිලියන 52ක පාඩුවක් රටට සිදුව ඇති බව සඳහන්.
පර්යේෂකයින් අනාවරණ කරගෙන ඇත්තේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 310,000 සිට මිලියන 1.3 ක ප්‍රමාණයක් දිගුකාලීන කොවිඩ් රෝගී තත්වයෙන් ජීවත්වන බවයි.
මෙම තත්වය මත දිගු කාලීනව කොවිඩ් අසාදනයෙන් පෙළෙන රෝගීන් සඳහා අවම වශයෙන් ආබාධිත විශ්‍රාම වැටුපක් හෝ මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවයි පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ.