Search

මැදිරි 9ක දුම්රියකට මෙල්බන්වල කුඩා වේදිකාවක් ඉදි කර ඇතැයි චෝදනා

මෙල්බන් බටහිර ප්‍රදේශයේ Deer park Station දුම්රිය වේදිකාව අවශ්‍ය නියමිත දිග ප්‍රමාණයට වඩා මීටර් 10ක් වැනි අඩුවෙන් ඉදිකිරිම සම්බන්ධයෙන් වික්ටෝරියා රජයට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙලෙස ඉතා කෙටි දුම්රිය වේදිකාවක් ඉදිකිරීම හේතුවෙන් මගීන්ට අමතර ප්‍රමාදයක් ඇති කරන අතර වැඩිවන මගීන් සමඟ කටයුතු කිරීමට තරම් Deer park Station වේදිකාව ප්‍රමාණවත් නොමැති බවයි සඳහන් වන්නේ.

2023 අප්‍රේල් මාසයේදී මෙම දුම්රිය ස්ථානය වැඩිදියුණු කර නැවත විවෘත කළ අතර එහිදී ඉදි කෙරුණු දුම්රිය වේදිකාවේ දිග මීටර් 10කින් කෙටි වූ බවට චෝදනා පවතිනවා.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුව ද එය තමා අතින් සිදුවූ අතපසුවීමක් බවට වන චෝදනාව ඇය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ලිබරල් පොදු ප්‍රවාහන සේවා මාධ්‍ය ප්‍රකාශක මැතිව් ගයි ප්‍රකාශ කළේ මෙම සංවර්ධන කටයුත්ත රජය විසින් කරන ලද වැරැද්දක් වන අතර මැදිරි 9කින් යුත් දුම්රියක් නතර කිරීම සඳහා අවම වශයෙන් මීටර් 225ක වත් වේදිකාවක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් Deer park Station දුම්රිය වේදිකාව දීර්ඝ කිරීම සඳහා පියවර ගන්නා බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ප්‍රාන්තයේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන Suburnban Rail Loop ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

ප්‍රාන්තයේ නව දුම්රිය මාර්ග ව්‍යාපෘති සඳහා කොපමණ මුදලක් වැයවන්නේ ද පිළිබද මෙතක් තක්සේරුවක් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »