බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවතට ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවතට ???

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවතට ???

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව විසින් එරට තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම්දී ඇත.

එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමට ස්වදේශ කටයුතු කාර්යාලය ගත් තීරණය “දෝෂ සහිත” සහ නීති විරෝධී බව පසුගිය වසරේ මෙම අභියාචනා කොමිසම තීරණය කළේය.

එම තීරණය මත පදනම් වෙමින් මෙලෙස තහනම ඉවත් කරන ලෙස කොමිසම දැනුම්දී ඇත.

බ්‍රිතාන්‍ය පොලිසිය සහ කෙන්ටන්හි එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටීමක්ද පෙරේදා දිනයේ සිදුව ඇත.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලිසියට පහරදෙන අයුරු සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝ පටවල දැක්වේ.

COMMENTS