Search

මෙල්බන් ජනතාවගේ විදුලි බිල අඩුවන ලකුණු

පුනර්ජනනීය බලශක්තිය තොග වශයෙන් මිල දී ගෙන මෙල්බන් ජනතාවගේ ගෘහස්ථ විදුලි බිල්පත් කප්පාදු කිරීමට මෙල්බන් නගරාධිපති Nick Reece සැලසුම් කර තිබෙනවා.

‘MPower’ ලෙසට හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියාවේ එවැනි විශාලතම යෝජනා ක්‍රමය වන අතර අසල්වැසි ප්‍රාදේශීය සභාවලට ද ඊට සම්බන්ධ වන ලෙසටයි ඇරයුම් කර ඇත්තේ.

මෙල්බන් නගරාධිපතිවරයා විසින් යෝජනා කරන ලද සැලැස්ම අනුව නගරයේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ විදුලි බිල්වලින් සෑම වසරකම ඩොලර් සිය ගණනකින් ඉතිරි කර ගත හැකි බව සඳහන්.

තමා නැවත තේරී පත් වුවහොත් ඔස්ට්‍රේලියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමේ යෝජනා ක්‍රමයට අරමුදල් සපයන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ MPower යෝජනාවට අනුව මෙල්බන් නගර සභාව විසින් නිවාස ඒකක සහ කුඩා ව්‍යාපාරවල සාමූහික මිලදී ගැනීමේ හැකියාව භාවිතා කර අඩු මිලකට පුනර්ජනනීය විදුලිය ලබා ගැනීමේ ගනුදෙනුවක් සිදු කරනු ඇති.

මෙම යෝජනාවට අනුව, Darebin, Hobsons Bay, Maribyrnong, Merri-bek, Moonee Valley, Port Phillip, Stonnington සහ Yarra යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මීට සම්බන්ධ විය හැකියි.

මෙම යෝජනා ක්‍රමයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහ ව්‍යාපාර එකඟ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද නගරාධිපතිවරයා සඳහන් කළා.

මෙම යෝජනා ක්‍රමය සඳහා ඩොලර් මිලියන 2 ක් දක්වා වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර අරමුදල් පවතින අයවැයෙන් වෙන් කිරීමට නියමිතයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »