Search

මීළඟ ඡන්දයේදී සුළුතර කම්කරු පක්ෂ රජයක්?

මීළඟ ෆෙඩරල් මැතිවරණයේ දී වර්තමාන පාලක පක්ෂය වන කම්කරු පක්ෂය විසින් සුළුතර රජයක් නිර්මාණය කරනු ඇති බවට නව මත විමසුමකින් හෙළිවී තිබෙනවා.

ප්‍රධාන ක්ෂේත්‍රවල ඡන්ද දායකයින්ගේ සහයෝගය පහත වැටෙන බැවින් කම්කරු පක්ෂයට සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවයි එම මත විමසුමෙන් අනාවරණ වී ඇත්තේ.

නවතම Australian Financial Review/Freshwater Strategy මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රධාන පක්ෂ දෙක සැලකීමේදී මනාප පදනම යටතේ විපක්ෂ සන්ධානය කම්කරු පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බවයි.

මෙවැනි සමීක්ෂණ මගින් විපක්ෂ ඉදිරියෙන් සිටින්නේ අඛණ්ඩව දෙවැනි මාසයට බව ද සඳහන්.

මත විමසුමට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 59ක් රට වැරදි දිශාවකට ගමන් කරන බව ප්‍රකාශ කර ඇති අතර සියයට 28ක් ඊට එකඟ වී නැහැ.

කෙසේ වෙතත් ජීවන වියදම සම්බන්ධයෙන් වන කාරණයේදී කම්කරු පක්ෂය සමග ඡන්දදායකයින් සිටින අතර එය ඔවුන්ට වඩාත්ම වැදගත් ප්‍රශ්නය ලෙස ද දක්වා තිබෙනවා.

ජීවන වියදම් ප්‍රශ්නයේදී සන්ධානයට ජනතාවගෙන් සියයට 35ක පමණ කැමැත්තක් තිබුණ ද පෙර මාසයට සාපේක්ෂව කම්කරු පක්ෂය ද සියයට පහක ප්‍රගතියක් ලබා ඇති බවයි පැවසෙන්නේ.

ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සන්ධානය කම්කරු පක්ෂයට සාපේක්ෂව සියයට 39ක් ජනතා කැමැත්තක් ලබාගෙන ඇති බව සඳහන්.

පවතින ඡන්ද සංඛ්‍යාව අනුව මේ දිනවල මැතිවරණයක් පැවැත්වුවහොත් කම්කරු පක්ෂය සුළුතර ආණ්ඩුවකට යොමු වනු ඇති බවයි මෙම මත විමසුමෙන් තහවුරු වී ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ මීළඟ ෆෙඩරල් ඡන්ද විමසීම ලබන වසරේ මැයි මාසය වන විට පැවැත්විය යුතුයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »