මෙල්බන් අවට ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රී සහ අද අලුයම සිදු වූ ගිනි ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Bay Street ප්‍රදේශයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකට අද අලුයම 1.30ට පමණ මෝටර් රථයක් කඩා වැදීමෙන් ගින්නක් හටගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම ගින්නෙන් මෝටර් රථය සහ වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 40 හැවිරිදි කාන්තාවක් රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් අදාළ රූපලාවණ්‍යාගාරයට ඉහළ මහලේ පදිංචිව සිටි පිරිසක් බව සඳහන්.
මෙම ගින්න සැක සහිත ලෙස සසලකා විමර්ශන සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ රාත්‍රී 9.15 ට පමණ රිච්මන්ඩ් (Richmond) ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මහල් නිවාසයට ගිනි තැබීමේ සිදුවීමක් ද වාර්තා වී තිබෙනවා.
එම ගින්න සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කිසිවකුට තුවාල සිදු වී නැහැ.
මේ අතර අද අලුයම 1.20 ට පමණ පැටර්සන් ලේක්ස් (Patterson Lakes) ප්‍රදේශයේ විශ්‍රාමික ගම්මානයක ද ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න ද සැක සහිත ලෙස සලකන අතර මෙම සිදුවීම් සම්බන්ධ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.