Search

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ පෙරමුණ අයර්ලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 15කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 255ක් රැස් කළා.

පන්දු යැවීමේදී අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ලකුණු 256ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 240ක් පමණයි.

මෙම තරගයේදී තම මංගල ශතකය රැස් කර ගැනීමට හර්ෂිතා සමරවික්‍රම සමත්වුණා.

ඇය ලකුණු 105ක් ලබා සිටියදී දැවී ගිය අතර පන්දු 124කින් ලබා ගත් එම ලකුණු 105ට හතරේ පහර 11ක් ද ඇතුලත් වුණා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ ද අයර්ලන්ත කණ්ඩායමටයි.

දෙරට අතර අවසන් එක්දින තරගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »