අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී තම මංගල ශතකය රැස් කර ගැනීමට හර්ෂිතා සමරවික්‍රම සමත්වුණා.
ඇය මෙම ලකුණු 102 ලබා ගත්තේ පන්දු 120කට මුහුණ දෙමින්. ඊට හතරේ පහර 11ක් ද ඇතුලත් වුණා.
ලකුණු 256ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 40ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 203ක්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 255ක් රැස් කළා.
පන්දු යැවීමේදී අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ අයර්ලන්ත කණ්ඩායමටයි.