
සිඩ්නි නගරයේ දුම්රිය ස්ථානයකදී තරුණියකට අවස්ථා කිහිපයකදී තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
16 හැවිරිදි තරුණියගේ පපු පෙදෙසට සහ දෑත්වලට තුවාල සිදුවී ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
සිඩ්නි හි Rouse Hill station දුම්රිය ස්ථානයේ සිදුව ඇති මෙම සිදුවීමත් සමග එම දුම්රිය ස්ථානයේ නැවැත්වීමකින් තොරව දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවද සඳහන්.
