රැකියාවක නිරත වීමේදී වැඩිම වැටුපකට හිමිකම් කීමට හැකියාව ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන විශ්ව විද්‍යාල උපාධියක් ද යන්න පිළිබඳ නව වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.
උපාධියෙන් පසු ශ්‍රම බලකායට පිවිසීමෙන් අනතුරුව විශාලතම වැටුපක් අපේක්ෂා කළ හැක්කේ කුමන උපාධිධාරීන්ටද යන්න පිළිබඳවයි Quality Indicators for Learning and Teaching මගින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තා මගින් හෙළි කර ඇත්තේ.
ඒ අනුව දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ උපාධි හිමියන් වැඩිම වැටුපකට හිමිකම් කියන අතර ඔවුන්ට සාමාන්‍යයෙන් වාර්ෂිකව ඩොලර් 94,400ක පමණ වැටුපක් හිමි වන බව සඳහන්.
ඖෂධවේදී උපාධිධාරීන් දෙවනුවට වැඩිම වැටුප් ලබන කණ්ඩායම වන අතර ඔවුන්ට සාමාන්‍යයෙන් ඩොලර් 85,000ක වාර්ෂික වැටුපක් හිමි වන බව හෙළිවී තිබෙනවා.
ඉංජිනේරු උපාධිධාරීන් තුන්වන තැන පසුවන අතර ඔවුන්ට ද වාර්ෂිකව ඩොලර් 85,000ක් පමණ වැටුපක් ලැබෙන බවයි සඳහන් වන්නේ.
ගොඩනැගිලි සහ ඉදිකිරීම්, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සමාජ සේවා, නීතිය සහ පොලිස් සේවය, ගුරු අධ්‍යාපනය, යාන්ත්‍රික ඉංජිනේරු වැනි උපාධි ද ඔස්ට්‍රේලියාවේ වැඩි වැටුප් හිමිවන වෘත්තීන් අතරට අයත් වනවා.
සතුටුදායක හෝ සාර්ථක රැකියාවක් මැන බැලීමට ඇති එකම මාර්ගය මුදල් නොවුන ද උපාධි අපේක්ෂකයින් සඳහා වැඩිම වැටුපක් හිමිවන්නේ කුමන උපාධිය ද යන්න මෙම වාර්තාව මගින් පෙන්නුම් කර තිබෙනවා.