Search

වික්ටෝරියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

2024 වසරේ ගතවූ කාලය තුළ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල අනතුරු හේතුවෙන් ජීවිත 180ක් අහිමි වී ඇති බව වික්ටෝරියා පොලිස් වාර්තා පවසනවා.

පසුගිය 2023 වසරේ මෙම කාලසීමාව වන විට වාර්තා වී තිබී ඇත්තේ රිය අනතුරු මරණ 176ක් පමණක් බවයි එහි දැක්වෙන්නේ.

මෙලෙස රිය අනතුරු මරණ ඉහළ යාම හමුවේ මාර්ග භාවිතා කරන්නන්ට සුපරීක්ෂාකාරී වන ලෙසට වික්ටෝරියා පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ යතුරුපැදිකරුවන් 44ක් මිය ගොස් ඇති අතර එය 2023 වසරේ මෙම කාලය වන විට වාර්තා වූ මරණ මෙන් දෙගුණයකට ආසන්න අගයක් බව සඳහන්.

එමෙන්ම පසුගිය වසරේ මෙම කාලය හා සැසඳීමේ දී 2024 වසරේ මේ දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පදිකයින් 7දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

වික්ටෝරියා සහකාර පොලිස් කොමසාරිස් ග්ලෙන් වීර් පැවසුවේ ප්‍රාන්තයේ මාර්ගවල විශාල පිරිසක් මරණයට පත්වන ආකාරයක් පෙන්නුම් කෙරෙන අතර බොහෝ අවස්ථාවල මෙම අනතුරු සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබු ඒවා බවයි.

2023 වසරේ මාරක අනතුරු හේතුවෙන් ජිවිත 296ක් අහිමි වූ අතර එම තත්වය නැවත දැකීමට අවශ්‍ය නොවන බවයි ඔහු අවධාරණය කළේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »