Search

ඔස්ට්‍රේලියා තරුණයන් නිසා Apple Pay – Google Pay වෙත සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් සඳහා ජනතාව යොමු කෙරෙමින් තිබුණ ද බොහෝ පාරිභෝගිකයින් තවමත් මුදල්වලින් ගනුදෙනු කිරීම් තෝරා ගනිමින් සිටින බව වාර්තා වනවා.

මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ පියවර රැසක් ගෙන තිබියදීත් නව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ පාරිභෝගිකයින් තවමත් මුදල් යොදා ගනිමින් සිදු කරන ගෙවීම්වලට කැමති බවයි.

සෑම ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මුදල් රහිත ව්‍යාපාර වෙනුවට විවිධ ගෙවීම් විකල්ප පහසුකම් ලබා දෙන ව්‍යාපාර වෙත යොමු වන බවයි Xeroහි නවතම වාර්තාවට අනුව හෙළිවී ඇත්තේ.

මෙම ප්‍රවණතාවය හේතුවෙන් ඇතැම් කුඩා ව්‍යාපාර හිමිකරුවන ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ගෙවීම් ද භාර ගැනීමට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට මුදල්වලින් ගෙවීම් සිදු කරනු ලබන්නේ පාරිභෝගිකයින්ගෙන් කුඩා ප්‍රතිශතයක් පමණක් වන අතර බොහෝ දෙනෙකු ඩිජිටල් ගෙවීම් විකල්පවලට වැඩි කැමැත්තක් දක්වන බව ද හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර පහකින් හතරකට ආසන්න ප්‍රමාණයක හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් රහිත ආර්ථිකයකට හදිසියේ මාරු වීම තම මෙහෙයුම්වලට දැඩිව බලපාන බවයි.

මේ අතර තරුණ පරම්පරාවන් අතර නව ගෙවීම් ක්‍රම ජනප්‍රිය වෙමින් පවතින අතර ඔවුන් Apple Pay හෝ Google Pay භාවිතා කිරීම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් එම ගෙවීම් පිළිගනු ලබන්නේ කුඩා ව්‍යාපාරවලින් සියයට 18ක පමණ ප්‍රමාණයක් බව සඳහන්.

විචාරකයන් පෙන්වා දෙන්නේ ඩිජිටල් ගෙවීම් ක්‍රම සමඟ පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු නොකරන කුඩා ව්‍යාපාර අසාර්ථක වනු ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »