ටස්මේනියා ප්‍රාන්තයේ ෆ්ලින්ඩර්ස් දූපතේදී පොලිස් මෝටර් රථයක ගැටීමෙන් ස්වේච්ඡා ගිනි නිවන භටයෙක් මිය ගොස් තිබෙනවා.
රාත්‍රි රාජකාරියේ යෙදී සිටි පොලිස් මෝටර් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම ස්වේච්ඡා ගිනි නිවන භටයා අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථයේ සිටි පොලිස් නිලධාරියා හදිසි සේවා සමග සම්බන්ධ වී අනතුරට ලක්වූ පුද්ගලයාට මූලික හදිසි ප්‍රතිකාර ලබාදුන්නා ද ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ ටස්මේනියා ගිනි නිවීම් සේවයේ රාජකාරි කළ ස්වේච්ඡා සේවකයෙකු වූ 60 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ටස්මේනියා පොලිසියේ සහකාර කොමසාරිස් ඒඩ්‍රියන් බොඩ්නාර් පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
අනතුරට සම්බන්ධ නිලධාරියා එම අවස්ථාවේ සාමාන්‍ය මුර සංචාරයේ යෙදී සිට ඇති අතර ඔහු නියමිත වේග සීමාව තුළ ගමන් කරමින් සිටි බව ද සඳහන්.
අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.