ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන ජනතාවට අමතර වියදමක් නොවන ආකාරයෙන් බ්‍රිස්බන්හි ඔලිම්පික් ක්‍රීඩාංගණයක් සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
උතුරු වෙරළ තීරය සඳහා යෝජිත නව ක්‍රීඩාංගණයක් සමඟින් මෙම සැලැස්ම ඔස්සේ නගරයේ ගංගා ආසන්නයට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය වසර 30ක පමණ කාලයක සිට නගරයේ විශේෂ අවධානයක් යොමු නොවූ ප්‍රදේශයට සැලකිල්ල ලබා දීමට මෙය අවස්ථාව බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
ආසන 60,000කින් සමන්විතව ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණය සඳහා පෞද්ගලික අරමුදල් සපයන අතර මහල් නිවාස 2500කින් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්මානයක්, හෝටලයක්, පිහිනුම් තටාක සහ සත්කාරක කලාපයක් ද ඇතුළත් වන බව සඳහන්.
එය ලොව ඇති හොඳම ක්‍රීඩාංගණවල පවතින ඉහළම වාස්තු විද්‍යා ක්‍රම හඳුන්වා දුන් සමාගම් සමූහයක් විසින් නිර්මාණය කරන බව ද හෙළිවී තිබෙනවා.
ක්‍රීඩාංගනය 2031 වන විට විවෘත කිරීමට අපේක්ෂා කරන අතර එය 2301දී විවෘත කිරීමට නම් නුදුරේදීම එහි ඉදි කිරීම් ආරම්භ කළ යුතු බවයි සඳහන් වන්නේ.