
ව්‍යාජ සුදුසුකම් යොදාගනිමින් වසර 24 ක් පුරා කටයුතු කල විදුහල්පතිවරයෙකුට මෙල්බර්න් හි අධිකරණයක් සිර දඩුවම් නියම කර තිබෙනවා.
නීල් ලෙනී නම් මෙම තැනැත්තා විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමෙන් පසු සිය පියාගේ ගුරු ලියාපදිංචි ලේඛණ යොදාගනිමින් 1976 වසරේ සිට 2000 වසර දක්වා මෙලෙස වංචනික කටයුත්තක නිරතවී ඇති බව සඳහන්.
මෙම තැනැත්තා Victoria’s Mount Scopus Memorial College, Haileybury College & Overnewton Anglican Community College යන පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකර තිබෙනවා.

ඔහු විසින් මෙම කාලසීමාව පුරා වංචනිකව ලබාගෙන ඇතැයි සැළකෙන මුදල ඔස්ටේ්‍රලියානු ඩොලර් 843,567 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12 කට අධිකයි.