Search

ඔස්ට්‍රේලියා හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරියට ලැබුණු තීන්දුව ගැන විදේශ අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

කැන්බරා අගනුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිල රාජකාරිවලට සහාය වීම වෙනුවෙන් ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳහා එම නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සම්බන්ධ මෙම සිද්ධියට අදාළ ගෘහ සහායිකාව වසරක 3ක පූර්ණ සේවා කාලයක් අවසන් කර තිබූ අතර ඇය ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට සුදානම්ව තිබූ දිනට පෙර දින නිල නිවෙසින් රහසින් පළා ගොස් ඇති බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒම ගෘහ සේවිකාවගේ වැටුප වශයෙන් අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ දීමනාව ඇයට ගෙවා ඇති බව ද එහි සඳහන්.

අන්‍යොන්‍ය වශයෙන් ගිවිස ගත් ආකාරයෙන් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය විසින් ගෘහ සහායිකාවට එම වැටුප ගෙවා ඇති බවට අමාත්‍යාංශය සෑහීමට පත් වන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

සිය නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවට නියමිත වැටුප් සහ නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් වූ චෝදනාවට ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන හිමාලි අරුණතිලකට ඩොලර් 543,000ක දඩයක් නියම කරනු ලැබුවේ ෆෙඩරල් අධිකරණයක් විසිනුයි.

2015 වසරේ සිට 2018 වසර දක්වා හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරනු ලැබුවා.

එහිදී ඇයගේ නිවසේ සේවය කළ සේවිකාවකට නිසි පරිදි වැටුප් ගෙවා නොමැති බවටත් එමෙන්ම නියමිත පරිදි නිවාඩු ලබාදී නොමැති බවටත් අධිකරණය හමුවේ තහවුරු වී තිබුණා.

මෙම ශ්‍රී ලංකික සේවිකාව සතියේ දින හතේම උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා සේවය කර ඇති අතර එම වසර 3ක කාලය තුළ ඇයට දින දෙකක් නිවාඩු ලබා දී ඇත්තේ කෑම සකස් කිරීමේදී අත පිළිස්සීම හේතුවෙන් පමණක් බවයි අධිකරණයේදී හෙළිවී ඇත්තේ.

අදාළ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ෆෙඩරල් අධිකරණය විසින් හිමාලි අරුණාතිලක වෙත මෙම දඩ මුදල නියම කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන හිමාලි අරුණතිලක සිදු කළ මෙම ක්‍රියාව වසන් කළ බවට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ද චෝදනාවක් එල්ලවී තිබෙනවා.

අධිකරණය හමුවේ අනාවරණ වි ඇත්තේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එය අදාළ නීති අංශ වෙත දැනුම්දී නොමැති බවටයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »