Search

නුදුරේදීම ඩ්‍රෝන කුලී රථවලින් ගමන් යන්න ඔස්ට්‍රේලියානුවන්ට ඉඩ ලැබෙන හැඩ

2027 වසර වන විට ඔස්ට්‍රේලියාව තුළ ඩ්‍රෝන කුලී රථ සේවා හඳුන්වා දීමට හැකිවනු ඇති පර්යේෂකයන් පවසනවා.

රට පුරා ආහාර ඩ්‍රෝන් මගින් අහාර සහ භාණ්ඩ ප්‍රවාහන සේවා විධිමත් වන බැවින් 2027 වන විට ඩ්‍රෝන කුලී රථ යොදා ගනිමින් මගීන් ප්‍රවාහනය කළ හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඩ්‍රෝන සමාගමක් වන වින්ග් (Wing) විසින් පවත්වාගෙන යනු ලබන ඩ්‍රෝන යානා මගින් ආහාර බෙදා හැරෙන සේවාව සති කිහිපයකට පෙර මෙල්බන් නගරයේ සහ අවට කලාපයේ ආරම්භ කෙරුණා.

එම සේවාව මෙල්බන්හි ඊස්ට්ලන්ඩ් සාප්පු මධ්‍යස්ථානය (Eastland shopping centre) අවට ප්‍රදේශ 26කට සේවා සපයනු ලබනවා.

එම වැඩසටහන ක්වීන්ස්ලන්ඩ් සහ අග නගර කලාපයේ ද වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙල්බන් හි ක්‍රියාත්මක ඩ්‍රෝන මගින් භාණ්ඩ බෙදා හැරීමේ සේවාව ඊස්ට්ලන්ඩ් සාප්පු මධ්‍යස්ථානයේ වහලයේ සිට ආරම්භ වන අතර පැයට කිලෝමීටර 110ක පමණ වේගයෙන් ගමන් කරනු ලබනවා.

Swinburne විශ්වවිද්‍යාලයේ Aerostructures Innovation Research Hub හි ප්‍රධානී Dr Adriano Di Pietro පැවසුවේ 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙලේදී මිනිසුන් ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන යානා පිළිබඳ විශේෂ ප්‍රධාන අවධානයක් යොමු කරන බවයි.

පළමු අත්හදා බැලීම් 2027 වසරේදී සිදු කිරීමට නියමිත අතර එහිදී තාක්‍ෂණයට අනුව ක්‍රමානුකූලව ඉදිරියට දියුණු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඩ්‍රෝන තාක්‍ෂණය බොහෝ තීරණාත්මක සේවාවන්වල සහාය සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »