Search

මෙල්බන්වල විශේෂ මෙහෙයුමක් අතර තරුණයන් දෙදෙනෙකුට පොලිසියට කරපු දේ

මෙල්බන් Croydon ප්‍රදේශයේදී පොලිස් මෝටර් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

අද අලුයම 1.45 ට පමණ ක්‍රොයිඩන් ප්‍රදේශයේදී සොරකම් කළ බව කියන මෝටර් රථයක යමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටරයක් ​​සහාය ද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය මෝටර් රථයට ළඟා වීමේදී සැකකරුවන් දෙදෙනා එහි ඇතුළත සැඟවී සිටින ආකාරය දැක තිබෙනවා.

ඔවුන් දෙදෙනා පැන යාමට උත්සාහ කළ අතර පොලිස් මෝටර් රථයකට ද පහර දුන් බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

කෙසේවෙතත් බරපතල අනතුරකින් තොරව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 17 සහ 18 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනාට අපරික්ෂාකාරී රිය පැදවීම, මෝටර් රථ සොරකම් කිරීම වැනි චෝදනා එල්ලවී ඇතැයි සඳහන්.

අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සෑම දිනකම රාත්‍රී කාලයේ මෝටර් රථ සොරකම් ඉලක්ක කර වික්ටෝරියා පොලිසිය මෙහෙයුම් සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස 12 තුළ අත්අඩංගුවට ගැනීම් 1450කට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »