Search

වික්ටෝරියා අපරාධ නිසා ප්‍රාන්ත පාර්ලිමේන්තුව උණුසුම්

වික්ටෝරියා අපරාධ සම්බන්ධ වගකීමේ වයස, ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දැඩි විවාදයකින් පසු අවුරුදු 10 සිට 12 දක්වා වැඩි කර තිබෙනවා.

තරුණ අපරාධ අවම කිරීම අරමුණු කර ගනිමින් ගෙන එනු ලැබූ විවිධ පියවර ඇතුලත් තරුණ යුක්තිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ බවයි සඳහන් වන්නේ.

වික්ටෝරියා රජය මෙම තීරණය ගෙන ඇත්තේ අපරාධ වගකීමේ වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමේ තීරණය ඉවත් කර ගැනීමෙන් දින කිහිපයකට පසුවයි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ විවාදයේදී මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 200කට වැඩි ප්‍රමාණයක් යෝජනා කර තිබූ බව ද සඳහන්.

නව නීති අනුව තරුණ අපරාධකරුවන්ට ඇප ලබාදීම සුදුසු ද යන්න තීරණය කිරීමේදී සමාජයේ ජනතාවගේ ආරක්ෂාවට ඇති අවදානම සහ තවදුරටත් බරපතළ වරදක් සිදුකිරීමේ අවදානම යන දෙකම සලකා බැලීමට ද සිදු වනු ඇති.

මහා පරිමාණ සොරකම් හෝ මංකොල්ලකෑම්, අනතුරුදායක රිය පැදවීම, වාහන කොල්ලකෑම හෝ නිවාස ආක්‍රමණය වැනි බරපතල වැරදි සිදු කර ඇති තරුණ වැරදිකරුවන්ට මෙම නීති අදාළ වනවා.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »