Search

ශ්‍රී ලංකා කණ්ඩායම පරදවමින් පළමු එක්දින තරගයේ ජය අයර්ලන්තයට


අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

IRE කාන්තා පිලට කඩුලු 3ක විශිෂ්ට ජයක් අත්කරදෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පන්දුවට‌ පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 260ක්.

එහි දී විශ්ම ගුණරත්න ලකුණු 101ක් රැස්කරගත්තේ පන්දු 98කට මුහුණ දෙමින්.

ඊට හතරේ පහරවල් 09ක් සහ හයේ පහරවල් තුනක් ඇතුළත්.

චමරි අත්පත්තු හැර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැසක් කළ ප්‍රථම ක්‍රීඩිකාව ලෙස ද විශ්මි වාර්තා පොත් අතරට එක්වුණා.

හසිනි පෙරේරා ලකුණු 46ක් ලබගත් අතර වෙන කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Orla Prendergast කඩුලු 03ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ Orla Prendergast නොදැවි ලකුණු 122ක් ලබා ගැනීමට සමත්වුණා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »