ඔස්ට්‍රේලියා කොරෝනා එන්නත් වෙබ් අඩවියේ තාක්ෂණික ගැටලු

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ, එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වීමට නියමිත 1-b අදියර යටතේ ඕස්ට්‍රේලියානුවන් මිලියන 6ක් පමණ දෙනා එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබා තිබේ.

මේ ඔස්සේ වයස අවුරුදු 70 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින්, වයස අවුරුදු 55 හෝ ඊට වඩා වැඩි ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ විවිධ සෞඛ්‍ය ගැටලු පවතින තරුණ පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මෙම අදියර යටතේ එන්නත් ලබාගැනීමට කොරෝනා එන්නත් වෙන්කරවාගනීම සඳහා වන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වන වෙබ් අඩවියේ තාක්ෂණික ගැටලු හටගත් අතර ඒ හේතුවෙන් කොරෝනා එන්නත් වෙන්කර ගැනීමට උත්සාහ කල පුද්ගලයින් හට ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

එමෙන්ම වෙබ් අඩවියට අමතරව කොරෝනා එන්නත් වෙන්කරවා ගැනීම දුරකථනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කල පුද්ගලයින් හටද විවිධ ගැටලු සඳහා මුහුණ දීමට සිදුව තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »