ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් හිමි වන කර්මාන්ත ක්ෂේත්‍ර 10ක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.
පසුගිය මැයි මාසයෙන් අවසන් වූ මාස 6ක පමණ කාලයක් තුළ වැටුප් වර්ධනය සුලු වශයෙන් අඩු වී තිබුණ ද සාමාන්‍ය ඔස්ට්‍රේලියානු පූර්ණ කාලීන සේවකයෙකු තවමත් සතියකට ඩොලර් 1923ක් පමණ උපයන බවයි සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ නව දත්ත අනාවරණය කර ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් හිමි වන ක්ෂේත්‍රය ලෙස නම් කර ඇත්තේ පතල් ආශ්‍රිත රැකියා යි.
එහි සාමාන්‍යයෙන් පූර්ණකාලීන සේවකයෙකුට සතියකට ඩොලර් 3015.30ක පමණ වැටුපක් හිමි වන බව සඳහන්.
තොරතුරු සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ රැකියාවන් ඉහළම වැටුපක් හිමි වන දෙවන රැකියා කාණ්ඩය ලෙසට නම් කර තිබෙනවා.
එහි පූර්ණකාලීන සේවකයෙක් සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 2437.20ක පමණ මුදලක් උපයන බවයි වාර්තා වන්නේ.
මුල්‍ය සහ රක්ෂණ සේවා සම්බන්ධ රැකියාවල නිරත වූවන් වැඩිම වැටුප් ලබන සේවකයන් අතුරින් තුන්වන ස්ථානයේ සිටින අතර ඔවුන්ගේ සතියක වැටුප ඩොලර් 2283.20ක් පමණ වනවා.
විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා සම්බන්ධ රැකියා වැඩිම වැටුප් හිමි වන රැකියා අතුරින් පත්වී ඇත්තේ 4 වන ස්ථානයටයි.
විදුලිය, ගෑස්, සහ ජලය සම්බන්ධ සේවාවන්, රාජ්‍ය පරිපාලනය සහ ආරක්ෂාව, අධ්‍යාපනය සම්බන්ධ රැකියා, සෞඛ්‍ය සහ සමාජ ආධාර, ප්‍රවාහන, තැපැල් සහ ගබඩා මෙන්ම ඉදි කිරීම් යන රැකියා ද ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලැබිය හැකි රැකියාවන් අතරට අයත්.