සිඩ්නි ළමා අපයෝජකයාට චෝදනා 196 ක් යටතේ නඩු

ළමා අපයෝජන සිදුකර ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරි සිඩ්නි නුවර පදිංචිකරුවෙකුට චෝදනා 196 ක් යටතේ නඩු පවරා තිබෙනවා.

31 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මැයි මාසයේදීයි.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකල මෙහෙයුමකදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ජාවාරමේ තවත් සැකකරුවන් සිටීදැයි සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අංශ කියාසිටියේ.

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »