සිඩ්නිහි Woolworths සුපිරි වෙළඳසල් මගින් ඔස්ට්‍රේලියාවේ පළමු වරට පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
Scan and Go නමින් හැඳින්වෙන මෙම ක්‍රමවේදය Windsor හි Woolworths වෙළඳසලේ අත්හදා බලමින් පවතින අතර පාරිභෝගිකයින්ට තම ට්‍රොලියට භාණ්ඩ එකතු කරන අවස්ථාවේ ම ඒවා ස්කෑන් කළ හැකි බවයි සඳහන් වන්නේ.
වෙළඳසැලට ඇතුලු වීමේදී ට්‍රොලියක් ලබා ගෙන ඊට ස්කෑන් යන්ත්‍රයක් සවි කර ගනිමින් සාප්පු සවාරියේ නිරත වීමට පාරිභෝගිකයන්ට දැන් පහසුකම් හිමි වනවා.
රාක්කවලින් භාණ්ඩ තෝරාගෙන එය ස්කෑන් කර ට්‍රොලියට දමා ගැනීමට හැකියාව පැවතීම හේතුවෙන් මුදල් ගෙවීමට යාමේදී වැය වන කාලය බොහෝ දුරට අඩුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම අධි තාක්‍ෂණික ක්‍රමය මගින් සතිපතා භාණ්ඩ මිලදී ගැනීමට එන ජනතාගේ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට ද හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
මෙම නව ස්මාර්ට් ට්‍රොලි මගින් පාරිභෝගිකයින්ට සාප්පු සවාරිය අවසානයේ ඔවුන්ගේ බැංකු කාඩ්පත් මගින් එම ට්‍රොලියේ ඇති ස්කෑන් යන්ත්‍රයටම මුදල් ගෙවීමේ හැකියාව ලැබීම ද විශේෂත්වයක්.
මෙය හඳුන්වා දීමේ කාලය තුළ සොරමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට Woolworths සේවකයින් සාප්පු සවාරි පැමිණෙන පුද්ගලයින්ගේ අහඹු පරීක්ෂාවන් ද සිදු කරනු ඇති.
Woolworths සමාගම පවසන්නේ මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඔස්ට්‍රේලියාවේ සියලු වෙළඳසල්වලට ස්මාර්ට් ට්‍රොලි හඳුන්වා දෙන බවයි.