Search

ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ රෝගය NSW ප්‍රාන්තයටත්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ mpox රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ mpox රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත්ව අවධානයෙන් පසුවන ලෙසයි.

මෑත කාලීනව වාර්තා වූ රෝගීන් වැඩි පිරිසක් වෙනත් පිරිමින් සමඟ සමලිංගික සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් බව ද සෞඛ්‍යය බලධාරීන් ප්‍රකාශ කළා.

පසුගිය ජුනි මස පළමු වනදා සිට මේ දක්වා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් රෝගීන් 93ක් පිළිබඳ වාර්තා වී ඇති අතර ඊට පෙර මෙම වසර ඇතුලත හඳුනාගෙන තිබුණේ එක් අසදිතයෙක් පමණයි.

මධ්‍යම අප්‍රිකාවේ රෝගීන් 15,000ක් හඳුනාගෙන ඇති අතර ගෝලීය වශයෙන් mpox පැතිරීමක් සිදු වෙමින් පවතින බවට ද මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය සේවයේ විධායක අධ්‍යක්ෂ Dr Jeremy McAnulty පැවසුවේ ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන ප්‍රභේදය විදේශයන්හි දක්නට ලැබෙන ප්‍රභේදවලට වඩා වෙනස් බවයි.

මෙලෙස ආසාදිතයන් වැඩිවීමත් සමඟ ප්‍රාන්ත සෞඛ්‍යය බලධාරීන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට දැනුම් දී ඇත්තේ රෝග ලක්ෂණ ගපිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසටයි.

ලිංගිකව ක්‍රියාකාරීව සිටින සමලිංගික හෝ ද්වීලිංගික පිරිමින් (cisgender සහ transgender) සහ ඔවුන්ගේ ලිංගික සහකරුවන් මෙන්ම ලිංගික ශ්‍රමිකයින්ට වැනි වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා mpox එන්නත ලබා ගන්නා ලෙසට ද දැනුම් දෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »