Search

සුපිරි ත්‍යාගයක් දිනා ගන්න ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක්

මෙම වසරේ පවර්බෝල් ලොතරැයිය මගින් පිරිනමනු ලබන තුන්වන විශාලතම ත්‍යාගය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක් හිමි වී තිබෙනවා.

පවර්බෝල් ලොතරැයියේ පසුගිය දිනුම් ඇදීම මගින් ලබාදුන් ප්‍රථම ත්‍යාගයට කිසිවෙකුත් හිමිකම් නොකීම හමුවේයි ත්‍යාග මුදලේ වටිනාකම ඉහළ ගොස් ඇත්තේ.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිදු කෙරෙන දිනුම් ඇදීමෙන් ලබාදෙන ඩොලර් මිලියන 100ක ත්‍යාගය මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ ලොතරැයියකින් පිරිනමන තුන්වන විශාලතම ත්‍යාගය බව ලොතරැයි නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම එය ඔස්ට්‍රේලියා ලොතරැයි ඉතිහාසයේ හයවන විශාලතම ත්‍යාගය ද වන බව සඳහන්.

ලබන සතියේ මෙම සුපිරි ත්‍යාගය දිනා ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ පිරිසක් ලොතරැයියක් මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලොතරැයි නිලධාරීන් පෙන්වා දෙනවා.

පවර්බෝල් ලොතරැයිය මගින් අවසන් වරට ඩොලර් මිලියන 100ක ත්‍යාගයක් පිරිනැමූ අවස්ථාවේ කිසිවෙකු ත්‍යාගය දිනා නොගත් අතර අවසානයේ එය ඩොලර් මිලියන 150 දක්වා වර්ධනය වූ බවයි ලොතරැයි ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් සඳහන් කළේ.

ඇඩිලේඩ්හි ජයග්‍රාහකයෙක් මැයි මාසයේ සිදු වූ එම දිනුම් ඇදීමේදී සමස්ත ඩොලර් මිලියන 150 ත්‍යාගය ලබා ගත්තේ ඔස්ට්‍රේලියාවේ විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයා බවට පත් වෙමින්.

පසුගිය වසරේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජයග්‍රාහකයින් අටක්, වික්ටෝරියා ප්‍රාන්තයේ 7ක්, දකුණු සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තවල දෙදෙනෙක් බැගින් ජයග්‍රාහකයින් පිරිසකට පවර්බෝල් ලොතරැයිය මගින් ඩොලර් මිලියන 552 කට වැඩි මුදලක් බෙදා දී තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »