Search

Melbourne Cup Parade දින නියමයක් නොමැතිව කල් යයි

මෙල්බන්හි අතිශයින් ජනප්‍රිය සැණකෙළියක් ලෙසට සැලකෙන Cup Parade මෙවර ද නියමිත දිනවල නොපැවැත්වෙන බවට නිවේදනය කර තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු මෙල්බන්හි Cup Parade අඛණ්ඩව අවලංගු කෙරුණු දෙවන අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

සංවිධායකයින් සඳහන් කළේ පෙළපාලිය නැවත ගෙන ඒමට හැකි උපරිමයෙන් වෙහෙස වී කටයුතු කරන බවයි.

මෙල්බන් CBDහි මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය සඳහා සංවර්ධන කටයුතු සිදුවෙමින් පැවතීම හේතුවෙන් 2023 වසරේ දී පෙළපාලිය අවලංගු වූ අතර මේ වසරේදී ද එය කල් දැමීමට සංවිධායකයන්ට සිදුවී තිබෙනවා.

වික්ටෝරියා ධාවන සමාජයේ සභාපති නීල් විල්සන් සඳහන් කළේ ප්‍රාන්තයට පැමිණෙන අමුත්තන්ගේ බලාපොරොත්තුව අනුව වත්මන් පරිසරය තුළ පෙළපාළියක් පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි.

මෙම වසරේ පෙළපාලියක් නොපැවැත්වීමට තීරණය කර ඇත්තේ සහභාගිවන්නන් සහ නරඹන්නන්ගේ යහපත සඳහා බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය වසරේ, පෙළපාලියක් වෙනුවට, DJ සංගීතය, ආහාර සහ විනෝදාස්වාදය ඇතුළත් උත්සවයක් පැවැත්වුණා.

නීල් විල්සන් පැවසුවේ 2024 සඳහා විකල්ප සැමරුම් දින තීරණය කෙරෙමින් පවතින අතර එය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »