එළඹෙන Women’s Big Bash League තරඟාවලියේදී Sydney Thunder කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ WBBL තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙසට සම්මාන හිමි කර ගත් චමරි අතපත්තු ඉදිරි තරගාවලි සඳහා වාර තුන සඳහා Sydney Thunder සමග එක්වන බවයි නිවේදනය කර ඇත්තේ.
පසුගිය තරගාවලියේදී චමරි අතපත්තු අර්ධ ශතක 5 ක් ද සමඟින් ලකුණු 511ක් රැස් කළේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා ලෙසින් වාර්තා අතරට එක්වුණා.
එම දායකත්වයන් සමගින් තරඟාවලියේ ක්‍රීඩිකාව ඇතුලු සම්මාන 4කට ඇය හිමිකම් කියනු ලැබුවා.
මෙවර විශේෂත්වය වන්නේ WBBL පෙර වාරවල මෙන් නොව චමරි අතපත්තු තරගාවලියේ නව multi-year contract පදනම යටතේ කණ්ඩායමට එක්ව තිබීමයි.
multi-year contract හඳුන්වාදීම මඟින් සෑම ක්‍රීඩා සමාජයකටම එක් එක් විදේශීය ක්‍රීඩකයෙකු වසර තුනක් දක්වා දිගු කාලීන පදනමක් මත රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චමරි අතපත්තු සඳහන් කළේ ඉදිරි තරග වාර තුන සඳහා Sydney Thunder සමග එක්වීමට තීරණය කරනු ලැබුවේ එම ක්‍රීඩා සමාජයේ දැක්ම තමන් දැඩිව විශ්වාස කිරීම හේතුවෙන් බවයි.
කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය ඉතා විශේෂ වන අතර එවැනි විවිධාකාර විචිත්‍රවත් ප්‍රජාවක් නියෝජනය කිරීමට ලැබීම ද විශේෂ වරප්‍රසාදයක් බවයි ඇය කියාසිටියේ.