Search

ඔස්ට්‍රේලියා ආර්ථිකය මන්දගාමී වී විරැකියා අනුපාතය ඉහළට

පුද්ගලයන් 58,000ක් අලුතින් රැකියාවලට එක්වී තිබුණ ද පසුගිය ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 4.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රචාරණය අඩුවෙමින් පවතින බැවින් රැකියා සොයන්නන් අතර වැඩි තරඟයක් පවතින බව එමගින් පෙන්නුම් කෙරෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය තවදුරටත් මන්දගාමී තත්වයක පැවතීම හමුවේ විරැකියා අනුපාතය මෙලෙස ඉහළ ගොස් ඇති අතර එය 2021 වසරේ නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයක් ලෙසට සැලකෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්තවලට අනුව පසුගිය මාසයේ 58,000 කට වැඩි පිරිසක් රැකියාවලට බැඳී ඇති ඇත ඉන් බහුතරයක් පූර්ණ කාලීන රැකියාවන්ට එක්වී ඇති බව සඳහන්.

රැකියා නොමැති පිරිස 24,000කින් වැඩිවී ඇති අතර රැකියා සොයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක තවදුරටත් පවතිනු ඇති බවයි ABS හි කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී කේට් ලැම්බ් පැවසුවේ.

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට නිකල් මෙහෙයුම් අවසන් කරන බවට BHP සමාගම විසින් තීරණය කිරීමත් සමග ජූලි මාසයේදී පතල් අංශයේ දහස් ගණනකට ද රැකියා අහිමි වුණා.

රෙක්ස් සමාගමේ කඩා වැටීමෙන් තවත් කම්කරුවන් 600කට රැකියා අහිමි වූ අතර, ජූනි මාසයේදී Nine Entertainment, News Corp සහ Seven West Media විසින් සිය ගනනක් කම්කරුවන් ඉවත් කිරීමක් ද වාර්තා වී තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »