Search

වසර 30 කට පසු කක්කල් කැස්සෙන් NSW වාර්තා අතරට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කක්කල් කැස්ස රෝගය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය විශේෂඥයින් ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ප්‍රාන්තයේ කක්කල් කැස්ස රෝගීන් දශක තුනකට පසු වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි නවතම සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ රෝගයට අදාළ එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය ජූලි මාසයේදී පමණක් කක්කල් කැස්ස රෝගීන් 2490ක් වාර්තා වී ඇති අතර එය අදාළ සංඛ්‍යා දත්ත ගණනය ආරම්භ වූ 1991 වසරේ සිට වාර්තාවූ වැඩිම රෝගීන් ප්‍රමාණය ලෙසටයි සැලකෙන්නේ.

2023 වසරේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කැස්ස රෝගීන් ගණන 19,300 ක් වන අතර මෙම වසරේ ගතවූ මාස 7ක කාල සීමාව තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් බව සඳහන්.

පසුගිය වසරේ වැඩිම කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රාන්තය ක්වින්ස්ලන්ඩ් වන අතර එහි පදිංචිකරුවන්ට නොමිලේ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

බෝවන රෝග විශේෂඥයින් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් මාස 18ට අඩු දරුවන්ට කක්කල් කැස්ස රෝගයෙන් වැඩි අවදානමක් පවතින අතර හැකි ඉක්මනින් තම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් හමුවී එන්නත්කරණය සඳහා යොමුවන ලෙසයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »