Search

දිනය පැටලි NSW මන්ත්‍රීන් පිරිසකට ආසනත් අහිමි වෙයි

නාමයෝජන දිනය මගහැරීම හේතුවෙන් ලිබරල් පක්ෂ අපේක්ෂකයින් 100කට වැඩි පිරිසකට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Shoalhaven City Council මැතිවරණය සදහා ඉදිරිපත්වීමට නොහැකි වී තිබෙනවා.

මෙය පක්ෂ ඉතිහාසයේ සිදුවූ දරුණුතම අතපසුවීම බවටයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මැතිවරණ විශ්ලේෂකයෙකු ඇස්තමේන්තු කර ඇත්තේ මේ හේතුවෙන් පක්ෂයට කවුන්සිලයේ ආසන 50ක් පමණ අහිමි වීමට ඉඩ ඇති බවයි.

ලිබරල් පක්ෂ අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධයෙන් කණගාටුව පලකර ඇති අතර ඔහුට එම තනතුරෙන් ඉවත්වන ලෙසටද බලකර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Shoalhaven City Council සදහා වූ මැතිවරණ නාමයෝජනා දිනය මගහැරීම හේතුවෙන් ලිබරල් පක්ෂ අපේක්ෂකයින් 100කට වැඩි පිරිසකට මෙවර මැතිවරණය සදහා ඉදිරිපත්වීමට නොහැකි ව ඇති බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් NSW මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ, "කොමිසමට ප්‍රමාද වූ නාමයෝජනා පත්‍රයක් පිළිගැනීමට හෝ නියමිත කාලය අවසන් වූ පසු ඉදිරිපත් කරන ලද ආකෘති පත්‍ර වෙනස් කිරීමට ඉඩ නොදෙන" අයුරින් නීතියෙන්  බැඳී සිටින බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »