Search

2024 ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 39ක් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනය කර තිබෙනවා.

අද පෙරවරුවේ සිදු කෙරුණු නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුවයි අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී ඇති බව නිවේදනය කරනු ලැබුවේ.

අද (15) පෙරවරු 9 ට ආරම්භ වු නාමයෝජනා භාර ගැනීම පෙරවරු 11ට අවසන් වුණා.

ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාර දීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා.

අදාළ නම් පහතින්.

* දිලිත් සුසන්ත ජයවීර
* සරත් මනමේන්ද්‍ර
* අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
* එස්. පී. ලියනගේ
* පානි විජේසිරිවර්ධන
* ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම
* අජන්ත ද සොයිසා
* බත්තරමුල්ලේ සීරලතන හිමි
* සරත් ෆොන්සේකා මහතා
* නුවන් සංජීව බෝපගේ
* හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
* ජනක ප්‍රියන්ත රත්නායක
* කේ.කේ පියදාස
* මයිල වාගනම් තිලකරාජා
* සිරිපාල අමරසිංහ
* පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
* සරත් කීර්තිරත්න
* කේ. ආනන්ද කුලරතන්
* නාමල් රාජපක්ෂ
* අක්මීමන දයාරතන හිමි
* කේ.ආර්. කිෂාන්
* පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
* විජයදාස රාජපක්ෂ
* අනුර සිඩ්නි ජයරත්න
* සිරිතුංග ජයසූරිය
* මහින්ද දේවගේ
* මොහොමඩ් ඉල්ලයාස්
* ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
* ඇන්ටනි වික්ටර් පෙරේරා
* කීර්ති වික්‍රමරත්න
* සජිත් ප්‍රේමදාස
* රනිල් වික්‍රමසිංහ
* මරක්කල මානගේ ප්‍රේමසිරි
* ලලිත් ද සිල්වා
* පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
* ඩී.එම්.බණ්ඩාරනායක
* අනුර කුමාර දිසානායක
* අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
* අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »