Search

Sydney Metro මාර්ගය ගැන අවසන් තීරණයක් ගනී

Sydney Metro මාර්ගය විවෘත කිරීම සඳහා අවසර ලබා දී ඇති බව safety regulator පවසනවා.

Sydney Metro මාර්ගය සියලුම ආරක්‍ෂිත පරීක්‍ෂණවලින් සමත් වී ඇති අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

පසුගිය 4 වනදා මාර්ගයේ විවෘත කිරීමට බාධා මතුවී තිබුණේ ආරක්‍ෂිත පරීක්‍ෂණ අවසන් නොවීම හේතුවෙන් වන අතර පරීක්ෂණ අවසන් වීමත් සමග දුම්රිය සේවය විවෘත කිරීමට සූදානම් බව ජාතික දුම්රිය ආරක්‍ෂක කාර්යාලය තහවුරු කර තිබෙනවා.

safety regulator ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති අතර මගී සේවා ආරම්භක දිනයක් තීරණය කිරීම නිව් සවුත්වේල්ස් රජයේ අදාළ ආයතන හරහා සිදු කළ යුතු බවයි.

ජූලි මස අගදී ද ප්‍රමාද වූ ව්‍යාපෘතිය විවෘත කරන තෙක් මගීන්ට බලා සිටීමට සිදුවන අතර එය වැඩි ඈතක නොවන බවයි ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් ප්‍රකාශ කළේ.

ආරක්ෂාව සහ විශ්වසනීයත්වයට ප්‍රමුඛතාව දිය යුතු බැවින් ජාතික ආරක්‍ෂක නියාමකයාට අමතර පීඩනයක් එල්ල කිරීමේ උත්සහයක් නොතිබූ බව ද ඇය ප්‍රකාශ කළා.

සිඩ්නි මෙට්‍රෝ සිටි මාර්ගය සිඩන්හැම් සහ චැට්ස්වුඩ් දුම්රිය ස්ථානය අතර ක්‍රෝස් නෙස්ට් ස්ටේෂන්, නිව් වික්ටෝරියා ක්‍රොස් ස්ටේෂන්, බරන්ගරු, මාටින් ප්ලේස්, ගාඩිගල්, සෙන්ට්‍රල් ස්ටේෂන් සහ වෝටර්ලූ දුම්රිය ස්ථානවල ද නතර කිරීමට නියමිතයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »