Search

Google වෙතින් පළමු වරට ඔස්ට්‍රේලියානුවන්ට අලුත් දුරකථනයක්

Google සමාගම විසින් පළමු වරට ඔස්ට්‍රේලියාවට නැමිය හැකි (foldable) ස්මාර්ට් දුරකථනයක් හඳුන්වා දී තිබෙනවා.

Google සමාගම විසින් සමාගමේ මූලස්ථානයේ දී Pixel Watch සහ Pixel Buds හෙඩ්ෆෝන් හි නව මාදිලි ද හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව ස්මාර්ට්ෆෝන් තුළ නව කැමරා මෙන්ම AI තාක්ෂණය වැනි විශේෂාංග ද ඇතුලත් කර ඇති බව සඳහන්.

Google Pixel 9 සහ Pixel 9 Pro අඟල් 6.3 ක තිරයකින් සමන්විත වන අතර Pro හි නව XL මාදිලියේ අඟල් 6.8 ක විශාල තිරයක් පවතිනවා.

මෙම දුරකථන තුනේම කැමරා මගින් ඡායාරුප 10 ගුණයක් දක්වා විශාල කර ලබා ගත හැකි අතර AI තාක්ෂණය සමගින් නව අත්හදා බැලීම් ද සිදු කළ හැකි බවටයි දැනුම් දෙන්නේ.

මෙම smart දුරකතන සදහා Add me පහසුකමද ඇතුලත් කර ඇති අතර ඡායාරූපවල අවශ්‍ය පරිදි හිස්තැන් සම්පූර්ණ කිරීමේ හැකියාවද පවතිනවා.

ඊට අමතරව බැටරි ආයු කාලය ද සාමාන්‍ය දුරකතනවලට වඩා ඉහළ අගයක් ගන්නා අතර පුරා දිනයක්ම භාවිත කළ හැකි මට්ටමට ඒවා නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.

ලබන සැප්තැම්බර් 2වන දා මෙම මාදිලි ඔස්ට්‍රේලියාවට හඳුන්වා දීමට නියමිත බව Google සමාගම නිවේදනය කර තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »