Search

ඔස්ට්‍රේලියාවේ ළමා ආහාරවල ප්‍රමිතිය ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ළදරු ආහාර වලින් වැඩි ප්‍රමාණගක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට අනුකූල නොවන බව අධ්‍යයනකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ඇතැම් ළදරු ආහාර ලෝක ආහාර සංවිධානය විසින් නියම කර ඇති සෞඛ්‍ය සහ ප්‍රවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මාර්ගෝපදේශ සපුරා නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුළ ළදරු සහ කුඩා දරුවන්ගේ ආහාරපාන සදහා වැඩි ජනප්‍රියතාවක් පැවතියද එම නිශ්පාදනයන්හි ගුණාත්මකභාව පිළිබද ගැටලු මතුව තිබෙනවා.

ළමුන් මෙන්ම දෙමාපියන් ආකර්ෂණය කර ගැනීම සමත් අලෙවිකරණ ලේබල මගින් බොහෝ දෙනා මෙම නිශ්පාදන මිලදීගැනීමට පෙළෙබී ඇති අතර එහි ප්‍රමිතීන් පිළිබද අවධානය යොමු නොකරන බවයි හෙළිව ඇත්තේ.

George Institute for Global Health ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් හි අලෙවි කරන ළදරු සහ කුඩා දරුවන්ගේ ආහාර 309 විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යනය සිදුකර තිබුණා.

එහිදි සනාතවී ඇත්තේ එලෙස සුපිරි වෙළදසැල්හි අලෙවිකරණ කුඩා ළමුන්ගේ ආහාර නියමිත සෞඛ්‍ය ප්‍රමිතීන් සපුරා නැති බවයි.

එම ආහාරවලින් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සමස්ත පෝෂණ අවශ්‍යතා ලකුණු සපුරා නොතිබූ අතර ඒවායින් බොහොමයක් අතිරික්ත කැලරි හෝ සීනි අඩංගු බව සොයාගෙන තිබෙනවා.

අතිරික්ත කැලරි පරිභෝජනය දරුවන් පසුකාලීනව තරබාරුකමට පත් කරන අතර පැණිරස ආහාර නිදන්ගත දියවැඩියා සඳහා මගපාදන බවයි අනාවරණයවී ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »