ලොව පුරා ඉංග්‍රීසි කතා කරන රටවල ජනතාවට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන් වැඩි කාලයක් ජීවත් වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
නව ජාත්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වූ රටවල දීර්ඝ කාලයක් ජීවත් වන පුද්ගලයින් අතර වන බවයි.
අනෙක් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 සිට 84 දක්වා වන පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ වන අතර මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර අනිසි භාවිතය, හෘද සහ ශ්වසන රෝග හේතුවෙන් සිදුවන මරණ අනුපාතය අඩු බව විශ්ලේෂණය පෙන්වා දී තිබෙනවා.
1990 වසරේ සිට 2019 දක්වා දත්ත විශ්ලේෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ ඔස්ට්‍රේලියාව 1990 දශකයේ මුල් භාගයේ සිට උපතේදී පවතින ආයු අපේක්ෂාවේ ඉහළ අගයන් පෙන්නුම් කර ඇති බවයි.
විශේෂයෙන්, ඕස්ට්‍රේලියාවට ඇමරිකා එක්සත් ජනපදයට වඩා අවුරුදු හතරේ සිට පහ දක්වා ආයු අපේක්ෂාවක් පවතින අතර කැනඩාව, නවසීලන්තය, අයර්ලන්තය සහ එක්සත් රාජධානියට වඩා අවුරුදු එකේ සිට 2.5 දක්වා ඉහළ අගයක් පවතින බව සඳහන්.
පර්යේෂකයන් ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් මෙම සමීක්ෂණය සඳහා දත්ත රැස් කර තිබෙනවා.
1990 සහ 2019 අතර ඉහළ ආදායම් ලබන රටවල් 20කින් කාන්තාවන් ආයු අපේක්ෂාව පිළිබඳ ඉහළම කාර්ය සාධනයන් අතරට ශ්‍රේණිගත කර නොමැති බව ද සඳහන්.
මෙම සියලු රටවල් අතරින් ඔස්ට්‍රේලියාවේ පිරිමින් 1990 සහ 2019 අතර ආයු අපේක්ෂාවෙන් ඉහල රටවල් හතර අතර ශ්‍රේණිගත කර තිබෙනවා.
දුම්පානයේ අඩු ව්‍යාප්තිය, ගිනි අවි හිමිකම සහ මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය මෙන්ම එහි ඉහළ ශ්‍රේණිගත සෞඛ්‍ය සේවා පද්ධතිය ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව ඉහළ යාමට හේතු වන්නට ඇති බවයි පැවසෙන්නේ.