Search

මෙල්බන් බසයකදී කාන්තාවකට කරදර කළ පුද්ගලයා සොයයි

මෙල්බර්න් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සිට ක්ලේටන් දුම්රිය ස්ථානය දක්වා ගමන් කළ බස් රථයකදී කාන්තාවකට ලිංගික හිංසන සිදු කළ පුද්ගලයෙක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙම කාන්තාව පසුගිය 4 වනදා සවස 4ට පමණ මගී තදබදයෙන් යුතු බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම අතවරයට ලක්ව ඇති බවටයි පැවසෙන්නේ.

බසය මගීන්ගෙන් පිරී තිබීම හේතුවෙන් මෙම කාන්තාවට ඉවතට යාමට නොහැකි වූ අතර සිදුවීම සැලවීමත් සමග බසයේ සිටි සෙසු මගින් මැදිහත් වී ඇයට සහාය ලබාදී තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයා අනෙකුත් මගීන් සමඟ ද අසභ්‍ය වචන හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කළේ.

මගීන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ බසයෙන් බැසගත් සැකකරු පසුව තරුණියක් වෙත ගොස් ඇයට ද අසභ්‍ය වචන ප්‍රකාශ කර ඇති බවට චෝදනා පවතිනවා.

වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් දැනට ප්‍රජා විශෝදන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය සැක කරන අතර එම අවස්ථාවේ බස් රථයේ හෝ දුම්රිය ස්ථානය අසල සිටි මගීන්ට මේ පිළිබඳ කරුණු දැනුම් දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »