දෙමව්පියන්ගෙන් ලැබෙන පැමිණිලි හමුවේ මෙල්බන් පාසලක අධීක්ෂකවරකුට සිසු සිසුවියන් සමග high-fives තහනම් කර තිබෙනවා.
මවුන්ට් ඩැන්ඩෙනොං (Mount Dandenong) ප්‍රාථමික පාසලේ John ලෙසින් හැඳින්වෙන ළමා අධීක්ෂකවරයා සිසු සිසුවියන් අතර ඉමහත් ආදරය දිනා සිටින අයෙක් ලෙසටයි සැලකෙන්නේ.
මෝටර් රථවල ගමන් කරන දරුවන් සමග අනාරක්ෂිත ආකාරයෙන් high-fives හුවමාරු කර ගත් බවට දෙමව්පියන් කළ පැමිණිලි මත යාරා රේන්ජස් කවුන්සිලය (Yarra Ranges Council) විසින් මෙම තහනම පනවා තිබෙනවා.
කෙසේවෙතත් කවුන්සිලයේ තීරණය ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලමින් පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ උදෑසන සහ දහවල් John ගේ high-fives සම්ප්‍රදාය බොහෝ දරුවන් අපේක්ෂාවෙන් සිටින දෙයක් බවට පත්ව ඇති බවයි.
එය මෙරට ප්‍රජාව අතර සුහදශීලිත්වය සහ මිත්‍රශීලී බව සංකේතවත් කරන කුඩා ක්‍රියාවක් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ක්‍රියාව දරුවන්ගේ සතුට සහ යහපැවැත්මට අහිතකර ක්‍රියාවක් නොවන අතර ළමා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට මෙවැනි ක්‍රියාවන් උපකාරී වන බව ද පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා.
මවුන්ට් ඩැන්ඩෙනොං (Mount Dandenong) ප්‍රාථමික පාසලේ ප්‍රජාවට මෙම අපූරු සම්ප්‍රදාය අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බවයි පෙත්සමට අත්සන් තැබූ දෙමව්පියන් ඇතුලු කණ්ඩායම් අවධාරණය කර ඇත්තේ.