ප්‍රංශයේ පැරිස් නුවර පැවති ඔලිම්පික් තරගාවලිය අවසන් කර යළිත් මව් රටට පැමිණි ඔස්ට්‍රේලියා කණ්ඩායමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ප්‍රශංසා කර තිබෙනවා.
අගමැතිවරයා සඳහන් කළේ ඔස්ට්‍රේලියානුවන් පදක්කම් ජයග්‍රහණය නොකළ ද මෙවර ක්‍රීඩා උළෙලේ දී සමස්ත ජාතියටම ආඩම්බරයක් ගෙන දුන් ආකාරය ගැන ආඩම්බර වන බවයි.
යළි මව් රටට පැමිණි සෑම ක්‍රීඩකයෙකුම පදක්කමක් රැගෙන නොපැමිණිය ද ඔවුන් සෑම කෙනෙකුම රත්‍රන් තරම් වටිනා බව අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.
ඔලිම්පි උළෙලට ගිය කණ්ඩායම සිය උපරිම කැප කිරීම් කර ඔස්ට්‍රේලියාවට ගෞරවයක් අත්කර දී ඇති අතර ඔවුන් හෝ ජයග්‍රහණයක් ලබා නොගත්තද රටට ආඩම්බරයක් ලබා දී ඇති බවයි අගමැති ඇන්තනි අල්බනිස් කියාසිටියේ.
ජීවන වියදම් පීඩනය හමුවේ ජනතාව ආර්ථික ගැටලුවකට මුහුණදී සිටිය ද ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔලිම්පික් තරගාවලියට යොමු කිරීම වෙනුවෙන් තමා කිසිදු පැකිලීමකින් තොරව ඊට අරමුදල් ලබා දුන් බව ද අගමැතිවරයා සිහිපත් කළා.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් විශාල මුදලක් හිමි නොවන අතර ඔවුන් නිසැකවම මෙවැනි කැප කිරීම් සිදු කරනු ලබන්නේ ක්‍රීඩාවට ඇති ආදරය නිසාවෙන් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.