Search

අඩුම කාලයකින් වැඩිම වේගයෙන් අලෙවි වන නිවාස පර්ත් නගරයේ

ඔස්ට්‍රේලියාවේ ඉතා වේගයෙන්ම අලෙවි වන නිවාස සහිත තදාසන්න ප්‍රදේශ පිළිබද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

නව වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවසක් අලෙවි වීම සදහා දින 30ක කාලයක් ඇස්තමේන්තු ගත කර තිබුණ ද දින 8ක් වැනි කෙටි කලකින් අලෙවි වන නිවාස අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

නිවාස වේගයෙන්ම අලෙවි වන ප්‍රමුඛතම තදාසන්න ප්‍රදේශය ලෙස පර්ත්හි Leda ප්‍රදේශය නම් කර ඇති අතර එහි නිවසක සාමාන්‍ය අගය සටහන්ව ඇත්තේ ඩොලර් 528,000ක් ලෙසයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ දින 10වැනි කෙටි කලකින් නිවසක් අලෙවි වන පර්ත්හි Brookdale ප්‍රදේශය වන අතර එහි සාමාන්‍ය නිවාස මිල අගය ඩොලර් 485,000ක්.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට පත්ව ඇත්තේ දින 12ක් වැනි කාලයකින් නිවාස අලෙවි වන ප්‍රදේශ දෙකක් වන පර්ත් හි Hillman සහ බටහිර ඔස්ට්‍රේලියාවේ Darling Downs ප්‍රදේශයි.

එම ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානයට සිඩ්නිහි Normanhurst සහ Dean Park නම් කර ඇති අතර එහි නිවසක සාමාන්‍ය විකුණුම් මිල සටහන්ව ඇත්තේ පිළිවෙළින් ඩොලර් 1,928,000, සහ ඩොලර් 905,000ක් ලෙසයි.

පර්ත් හි Seville Grove ප්‍රදේශය නිවාස වේගයෙන් අලෙවි වන තදාසන්න ප්‍රදේශ අතර 8වන ස්ථානයට පත්ව ඇති අතර දින 15ක් වැනි කෙටි කළෙකින් ඉතා ඉක්මනින් එහි නිවාස අලෙවි වන බව සඳහන්.

ඒ අනුව ඉතා ඉක්මනින් නිවාස අලෙවි වන තදාසන්න ප්‍රදේශ අතුරින් වැඩි ප්‍රමාණයක් පර්ත් නගරයේ පිහිටා ඇති බවයි සඳහන් වන්නේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »