ඔස්ට්‍රේලියාවේ myGov ගිණුම් පරිශීලකයින්ට එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ෆෙඩරල් රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
රජයේ නවතම වාර්තා මහින් අනාවරණය වී ඇත්තේ myGov පරිශීලකයින්ගේ ගිණුම් අවදානම් තත්වයක පවතින බවයි.
දිනෙන් දින myGov පරිශීලකයින්ගෙන් ලැබෙන පැමිණිලි සහ වංචනික ක්‍රියාවන් හේතුවෙන් myGovහි ආරක්ෂණ පද්ධතිය පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරුන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
myGov සාමාජිකයෙකුගේ සේවා ගිණුමකට වංචනික ලෙස සම්බන්ධ වීම, තවත් ගිණුම් හා එක් කිරීම් සහ අනවසරයෙන් පුද්ගලික myGov ගිණුමකට ප්‍රවේශවීම් වැනි සිදුවීම් රැසක් මේ දිනවල වාර්තා වී ඇති බව සඳහන්.
රජය ජනතාවට දැනුම් දී ඇත්තේ myGov ගිණුමෙහි පාස්වර්ඩ් අලුත් කර තම ගිණුමෙහි යම් වෙනසක් පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මනින් අදාළ නියෝජිත ආයතන හා සම්බන්ධ වන ලෙසයි.
බැංකු ගිණුම් විස්තර වෙනස් කරන ලෙසට සහ ගිණුම් යාවත්කාලීන කරන ලෙසට ලැබෙන පණිවුඩයන්ට ප්‍රතිචාර දැක්වීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව විමසීමට කටයුතු කරන ලෙසට ද ජනතාවට උපදෙස් ලබා දෙනවා.
මේ වන විට myGov පද්ධතියේ ආරක්ෂාව සඳහා මෙන්ම සාමාජික සේවා ගිණුම් හි ආරක්ෂාව සදහා කටයුතු කරමින් පවතින බවයි රජය නිවේදනය කර ඇත්තේ.