Search

සාමාන්‍ය පරීක්ෂණයකදී දීර්ඝ කාලීන COVID හඳුනාගත නොහැකි බව හෙළිවෙයි

දීර්ඝ කාලීනව පවතින COVID 19 රෝගී තත්වයන් විශ්වාසදායක ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණවලදී
නොහැකි බව ජාත්‍යන්තර පර්යේෂණයකට අනුව හෙළිවී තිබෙනවා.

වැඩිහිටි රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් යොදාගෙන සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සෑම ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1 අයෙකු පෙළෙන රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට වඩාත් සුවිශේෂී තොරතුරු අවශ්‍ය බවයි.

ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ (NIH) පර්යේෂකයන් විසින් සිදු කළ අත්හදා බැලීම සඳහා ලියාපදිංචි වූ රෝගීන් පිරිසකට සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ 25ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කාලීනව COVID පවතින බවට වලංගු සායනික සාක්ෂි නොමැති අතර රෝග විනිශ්චය සඳහා රෝගියාගේ සවිස්තරාත්මක වෛද්‍ය ඉතිහාසය මෙන්ම රසායනාගාර පරීක්ෂණ භාවිතා කිරීම අවශ්‍ය වන බවයි පැවසෙන්නේ.

අධ්‍යයනයට සහභාගි වූ රෝගීන්ගේ සම්මත රසායනාගාර පරීක්ෂණ 25ක් සම්පූර්ණ කර ඇති අතර පසුව ඔවුන් වසර දෙකක් පුරා නිතිපතා සමීක්ෂණ සහ රසායනාගාර පරීක්ෂණවලට ද ලක් කර තිබෙනවා.

දිගු කාලින COVID රෝග ලක්ෂණ හේතුවෙන් එදිනෙදා කටයුතුවලට දැඩි බලපෑමක් විය හැකි බැවින් ඉක්මනින රෝග විනිශ්චය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

සමීක්ෂණයේ නිරත වූ වෛද්‍ය කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ දීර්ඝ කාලීන කොවිඩ් රෝගය හමුවේ පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට වඩාත් සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එය හඳුනා ගැනීමට සහාය වන සලකුණු සොයා ගැනීමයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »