පසුගිය වසරේ ජුනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේදී පුද්ගලික අංශයේ වැටුප් සියයට 4.1කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්ත අනාවරණය කර තිබෙනවා.
සමස්තයක් වශයෙන් පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය 2021 වසරෙන් පසු එහි කුඩාම කාර්තුමය වැඩිවීම පෙන්නුම් කෙරෙන බවයි සඳහන් වන්නේ.
අවසාන කාර්තුව හා සැසඳීමේ දී වැටුප් වැඩි වී ඇත්තේ සියයට 0.8කින් පමණක් බව ද සඳහන්.
සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛන ප්‍රධානී Michelle Marquardt පැවසුවේ එය 2021 වසරේ ජුනි මාසයෙන් පසු ජුනි කාර්තුවක සිදු වූ අවම වැටුප් වැඩිවීම බවයි.
පුද්ගලික අංශයේ වාර්ෂික වැටුප් වර්ධනය පසුගිය වසරේදී දක්නට ලැබුණේ සියයට 3.9ක් ලෙසටයි.
කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ වැටුප් පෙර කාර්තුවේ සියයට 0.6 ට සාපේක්ෂව සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා.
එම වර්ධනයට බොහෝ දුරට හේතු වූයේ සියලුම රාජ්‍ය සේවකයන් සඳහා මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ වැටුප් වැඩිවීමක්.
රාජ්‍ය අංශයේ වාර්ෂික වැටුප් සියයට 3.9කින් ඉහළ ගොස් ඇති අතර එය පසුගිය කාර්තුවේදී සටහන් වී තිබුණේ සියයට 3.8ක් ලෙසටයි.