Search

ගනුදෙනුවලදී භාවිතා කරන්න රජයෙන් අලුත් QR එකක්

රජය විසින් ලබා දෙනු ලබන QR කේතයක් භාවිතයෙන් ව්‍යාපාර ගනුදෙනුවලදී තම අනන්‍යතාව තහවුරු කිරීමට අවස්ථාව හිමි වන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වනවා.

“Trust Exchange” හෝ TEx ලෙස හඳුන්වන මම පද්ධතිය මගින් කිසිදු ලියවිල්ලක් භාරදීමකින් තොරව පරිශීලකයන්ගේ MyGov Wallet හෝ ඩිජිටල් හැඳුනුම්පත වෙත සම්බන්ධ වීමට හැකි බවයි සඳහන් වන්නේ.

මෙම QR Code එක රැකියා ඉල්ලුම්පත්‍ර යොමු කිරීමට, හෝටල් වෙන්කරවා ගැනීම් සඳහා මෙන්ම පබ් එකකට හෝ සමාජ ශාලාවකට ඇතුළු වීමට භාවිත කළ හැකි බව සඳහන්.

රාජ්‍ය සේවා අමාත්‍ය Bill Shorten විසින් අද මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙමගින් ජනතාවට කිසියම් සේවා ස්ථානයකදී සිදු කර ගැනීමට අවශ්‍ය කාර්යයන් සඳහා අදාළ වන තොරතුරු පමණක් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර අනවශ්‍ය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත නොලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

උදාහරණයක් ලෙස හෝටල් කාමරයක් වෙන්කර ගැනීමේදී සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයක් වැනි පුද්ගලික හැඳුනුම්පතක් ලබාදීම අවශ්‍ය වනවා.

එහෙත් ඡායා පිටපත් කිරීමට හැකි ලේඛන ඉදිරිපත් කිරීම වෙනුවට නව QR කේත තුළින් අවශ්‍ය තොරතුරු පමණක් එම ස්ථානයට ලබාදීමට හැකි වනු ඇති.

එමෙන්ම තමන් තොරතුරු හුවමාරු කර ගනු ලැබුවේ කවුරුන් සමග ද යන්න පිළිබඳ වාර්තාවක් තම ගිණුමේ සටහන්ව තැබෙනවා.

පබ් එකකදී වයස සනාථ කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් තම අනන්‍යතාවය, ලිපිනය සහ වයස තහවුරු කිරීමට මෙම QR කේතය ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා.

Trust Exchange ක්‍රමවේදය මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර මෙම වසර අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »