Search

මෙල්බන්වල e-scooter තහනම් වෙයි?

පදිකයන් මෙන්ම රියදුරන් අනතුරු සහ තුවාලවලට ලක්වීම හමුවේ මෙල්බන් නගරයේ ඊ-ස්කූටර් කුලියට දීම තහනම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම පියවර මගින් නගරයේ පුද්ගලික ඊ-ස්කූටර් භාවිතයට බලපෑමක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

මෙල්බර්න් නගරාධිපති නික් රීස් (Nick Reece) විසින් කමිටු රැස්වීමකදී ඊ-ස්කූටර තහනමට අදාළව යෝජනාවක් ඉදිරිපත් කරන බව සඳහන්.

ගෙන ඒමට නියමිත යෝජනාව මගින් මෙල්බන් නගරයේ ඊ-ස්කූටර් ලබා දෙන්නන් වන Lime සහ Neuron ආයතනවල ගිවිසුම් අවලංගු කරන ලෙස ඉල්ලා ඇති අතර එමඟින් ස්කූටර් 1500ක් පමණ නගරයෙන් ඉවත් වනු ඇති.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුව හොත් බොහෝ දුරට ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙල්බන් නගරයේ ඊ-ස්කූටර් කුලියට දීම තහනම් කෙරෙන බව වාර්තා වනවා.

ගත වූ වසර දෙකක කාලය තුල මෙල්බන් අවට ඊ-ස්කූටර් අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් බරපතල තුවාල සහිතව හදිසි ප්‍රතිකාර අංශ වෙත යොමු කර තිබෙනවා.

ඒවා පදවන්නන් අඛණ්ඩව මාර්ග නීති කඩ කරමින්, අන් අයට සහ තමන්ව ද අනතුරට පත් කර මාර්ගවල ගැටලු මතු කරන බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඊ-ස්කූටර් මෙල්බන් නගරයට හඳුන්වා දීමට පෙර සිදු කළ අත්හදා බැලීමේදී ගෙන ආ හැකිව තිබූ ආරක්‍ෂක පියවර නොගැනීම ද මෙම තත්වයට හේතුවක් බවට මත පලවී තිබෙනවා.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »