රෝගියෙකු සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් නොවන්නේ නම් “000” හදිසි ඇමතුම් අංශය ඇමතීමෙන් වළකින ලෙසට වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවගෙන් ගිලන් රථ සේවය ඉල්ලීමක් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත ගිලන්රථ සංගමයේ ඩැනී හිල් සඳහන් කළේ ගිලන්රථ 130කට වැඩි ප්‍රමාණයක් සෑම අවස්ථාවකම පාහේ රෝහල් අසල රෝගීන් ඇතුලත් කර ගැනීම සඳහා පෙළ ගැසී සිටින බවයි.
මෙම තත්වය හේතුවෙන් හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රාන්තයේ පවතින ගිලන්රථවලින් ලබා ගත හැකි වන්නේ සියයට 12ක් පමණ ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.
අනෙකුත් ගිලන් රථ රෝගියෙකුට ප්‍රතිකාර කරමින් හෝ තම රෝගියා රෝහලකට මාරු කිරීමට රෝහලක් අසල සිරවී සිටින බව ගිලන් රථ සේවකයින් පෙන්වා දෙනවා.
අද දිනයේ Epping සහ Box Hill රෝහල්වල ගිලන්රථ 167කට තම රෝගීන් ඇතුලත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර අංශයෙන් පිටත රැඳී සිටීමට සිදු වී තිබෙනවා.
මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින බරපතල ගැටළුවක් බවයි ගිලන් රථ වෛද්‍යවරු ඇතුලු සේවකයින් කියාසිටියේ.
මෙල්බන් සහ Mildura අතර කලාපයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගිලන් රථ වෛද්‍යවරුන් නොමැතිව ඊයේ රාත්‍රියේ බෙන්ඩිගෝ රෝහල තුළ ගැටලුකාරී තත්වයක් ද මතුවී තිබෙනවා.
වික්ටෝරියානු ගිලන්රථ සංගමයේ ඩැනී හිල් සඳහන් කළේ මෙම තත්වය මත අවශ්‍යම අවස්ථාවේ ගිලන් රථයක් ලබා ගැනීමට නොහැකි බොහෝ පිරිසක් වන බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන්රථ සේවය සඳහා රජය ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද චෝදනා එල්ල වන අතර මේ හේතුවෙන් හදිසි අවස්ථාවක් නොවන්නේ නම් ට්‍රිපල් සීරෝ ඇමතීමෙන් වළකින ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.