ඔස්ට්‍රේලියාවේ ලොතරැයි ක්‍රමවේදය සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවට ප්‍රධාන පෙළේ නීතිවේදීන්ගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
සූදු ක්‍රීඩාවේ ප්‍රචාරණය සඳහා ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ඉදිරිපත්ව ඇති යෝජනා සලකා බැලීමට පාර්ලිමේන්තුව සූදානම් වන අවස්ථාවකයි ලොතරැයිවල වෙනස්කම් සඳහා විනිසුරුවන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ක්‍රියාත්මක විදේශීය ලොතරැයි සඳහා සීමා පැනවිය යුතු අතර ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ලොතරැයි මිලදී ගැනීම වැළැක්වීමට නීති ගෙන ආ යුතු බවයි.
ජනතාවගෙන් අය කෙරෙන මුදල් යළිත් ජිවන වියදම් හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයට ප්‍රයෝජනවත් ආකාරයෙන් යොදවන මාර්ගය කුමක් ද යන්න ඔවුන් ප්‍රශ්න කරනවා.
කෙසේවෙතත් සුදූ සහ ලොතරැයි වෙතින් උපයන මුදල් ඔස්ට්‍රේලියාව පුරා ඇති ක්‍රීඩා සම්බන්ධ සමාජ ශාලා සහ මාධ්‍ය ආයතන සඳහා අරමුදල් සපයන බවයි ඔට්ටු ඇල්ලීමේ සමාගම් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් ගන්නා ඕනෑම පියවරක් ප්‍රතිවිපාක ඇති නොවන බවට වග බලා ගත යුතු බව අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබෙනවා.